කස්සපයි මා….
ලෝකයම පුදුම කර මාලිගය ඉදිවීය සීගිරියෙ ජීවිතය මට සොදුරු නොම වීය

කස්සපයි මා….
පියා නැසු පාපයද පසු පසින් පැමිණීය
මුගලන්ගෙ සාපයෙන් පලායනු සිත කීය
මාතලය පුරවරෙහි පර්වතය හමුවීය
සිත ගියපු තැනම මා බලකොටුව කරවීය
නිමැයුමට ශ්‍රම මිනිස් දහසකුත් යෙදවීය
රමණීය ගල් මුදුන මාලිගය නිමවීය
දෙඇස් අදහා ගැනුම කිරීමට නොමවීය
ලොව මවිත කල පුදුම නිමුයුමක් කරවීය
විදුලියත් මේඝයත් සිතුවමින් හැඩවීය
නොයෙක් දෙන විවධ වූ කටකතා පැවසීය
සියදහස් ගණනකින් කව්සිතුම් හෙලිවීය
සිතෙහි තෙරපුණ හැගුම් පවුරකට කැටිවීය
සහෝදර පලිගැනුම් දිනය අත ලග වීය
යුධ උණුසුමින් පැරණි මතකයන් සිහිවීය
වැරදි වැටහීමකින් යුධ පිටියෙ තනි වීය
දිවි නසා ගනු මිසක අන් කිසිත් නොසිතීය
පෙර ආත්මයක මා කල පිනෙන් රජවීය
නමුත් පිය නැසූදා සිට සිතින් විදවීය
ලෝකයම පුදුම කර මාලිගය ඉදිවීය
සීගිරියෙ ජීවිතය මට සොදුරු නොම වීය
වි…

Vishmi Weweldeniya
Vishmi Weweldeniya comes from Radawana, a village once home to Mahagamasekara. She holds a Bachelor’s degree in Interior Design and has been part of Amoda Rathnayake Associates for the past two years, contributing quietly to the shaping of spaces. Alongside her work in design, she writes poetry in Sinhala and English, with a special love for her mother tongue. Through both design and words, she seeks simple ways to bring together artistry, culture, and emotion.