වෙස් මුහුණුවර සැබෑ මනසක් නොපෙන්වන ගොස්පිරියක්…
ආදි කාලයෙ මුතුන් මිත්තන් බැදපු රන්වන් පවුරක් යක්ෂ ගුනාදුරු රෝග සුවනොවු ගැටලු සුව කල ඔසුවක්

වෙස් මුහුණුවර සැබෑ මනසක් නොපෙන්වන ගොස්පිරියක්…
ආදි කාලයෙ මුතුන් මිත්තන් බැදපු රන්වන් පවුරක්
යක්ෂ ගුනාදුරු රෝග සුවනොවු ගැටලු සුව කල ඔසුවක්
මිනිස් දුරු භය රෝග කෝපය වෙස් කරන් රගපෑමක්
වෙස් මුහුණුවර සැබෑ මනසක් නොපෙන්වන ගොස්පිරියක්
අමුතු ඇස් දත ගිණි ද වර්ණද මනු මනස කම්පනයක්
හදවතේ ඇති දුක වේදනා ගුප්ත මන්තර බලයක්
සන්නි නාටක රෝග නාටක කැටිකරපු හෙල ඔසුවක්
සන්නි සෙරනිටි නටයි වෙස් තුල සගවගෙන රුදු සත්‍යක්
ගින්න කෝපය රැධිරයට සම රක්ත වර්ණය යෙදුමක්
අදුර නසනා දේවාලෝකයට සදලි මල් වල පැහැයත්
මරණයේ නිරවද්‍ය වර්ණය දිස්නෙ දුන් රුදු ලොවක්
වැසි කාලයේ නගරෙ දුම්මල මවයි කොළ අළු පැහැයක්
නාග රාක්ෂ ගුරුළු රාක්ෂ බලය බිය රක්ෂාවක්
සන්නි යාගය රෝග දහඅට සුව කරන උත්සවයක්
හාස්‍යය ජීවිත විකාරය මිනිස් හැගුමන් පොදියක්
රකුස් කෝළම් සන්නි පරසිදු වෙස් මුහුණු ජන කෙලියක්
කාදුල ගහක මෘදු දැවය හැඩ කරන්නට ගත් වෑයමක්
හොදින් වියවා පසුව කටු, සුද දාම් ගෙන හැඩ මැව්මක්
ඉරිගු හුනු, ලී පොඩි මතුපිටට ගොඩ නගා මෘදු කිරීමක්
ගොමමිරිස් කැද දුම්රියකුඩු ද කහ වර්ණයට හුරුමුවක්
බොහෝවිට ඇස් නොවී ගිනිබිදු මෙන් දිලෙනවා මුහුණක්
මුහුණුවර දත් හැඩකපා ඇති කොදුරන්ගෙ උල් අවියක්
ඇස් කඩන් යන වර්ණ එක්කර මවන සුන්දර නිමැවුමක්
වෙස් මගින් සගවාගන්න දෑ අහස ගුගුරූ දසුනක්
-වි

Vishmi Weweldeniya
Vishmi Weweldeniya comes from Radawana, a village once home to Mahagamasekara. She holds a Bachelor’s degree in Interior Design and has been part of Amoda Rathnayake Associates for the past two years, contributing quietly to the shaping of spaces. Alongside her work in design, she writes poetry in Sinhala and English, with a special love for her mother tongue. Through both design and words, she seeks simple ways to bring together artistry, culture, and emotion.