BREAKING
The Poetic Flash

කාවන්තිස්ස දැන් එළි බැහැලලු භාතිය සොයන්නට

නපුරු ඇස්වලට නොගැටෙන් ඒ ඇත් රජ දසුන මගේ ආයුත් අරන් යන්ට යළි ඔබ පිරිවර වෙතට

3 min read
කාවන්තිස්ස දැන් එළි බැහැලලු භාතිය සොයන්නට

මෙම පාද දෙස බලා හැදුනලු මුර බලකොටු
රජුට පවන් සැලුවේ මේ කන් වැනි වූ චාමරලු
ගාම්භීර හොරණෑ හඬ දෙන්නෙත් කුංච නදමලු
මේ සද්ධන්තයා දුටු සිංහයා රජකම හැරදැම්මේලු

අඩසඳ පාටට දිලිසෙන දළ දෙකකි
හෙළයේ හද දා කරඬුව දරන්නෙකි
නර්තන සම්ප්‍රදායේ එන ගජගා වන්නමකි
රජ පෙළපතට වැඩි ඒ පෙළපතට ඇත්තේ මහ උරුමයකි

රංචුපිටින් ඇවිදපු ඒ වන මැදද
එලිකළ හැදුවේ ගොඩනැගිලිද ගේ දොර ද
සුදු පාටට දිලිසෙන ඒ දළ දෙකද
ඔවුන් දෙසට යොමු කෙරුවේ වෙඩි සද්ද

රට්ඨ, චණ්ඩි, රඝු සමගින් භාතියද
සිටියේ හැඩ කරමින් ඝන වන පෙතම
මිස්සක, භරණ, දීඝජන්තුට සහ රේවතට
ඒ වැදුණු පතුරුම වැදුනලු දවසක් භාතියට

කෙසෙල් කඳන් බිම හෙලන්නේ යම්සේද
එලෙසම දිග ඇදුනලු මහ ඇතු බිමට
නැගිටින්නට වෑයම් කර නිහඬ විලාපය සිත ඇතිව
අවසන් හුස්ම මුසු කෙරුවලු වැලපෙන සුළඟ වෙත

හැදෙන ගහක් දෙපැත්තෙන්ම දැනෙනවලු
රටක මහිම කියන්නේ එහි මිනිසුන්ලු
වෙඩි උණ්ඩෙකින් වැලලෙද්දි මේ අලි ඇත්තු
සාපය මිසක ආසිරි දෙයිද දෙවි දේවැත්තු

ඒ ගමනෙහි එන්නාවූ තේජසද
කුංචනාදයේ රැව් දෙන්නා ශක්තියද
ආඩම්බරයි මේ හෙළයේ දසුනක්ද
සිංහයා නැති දිනක කොඩියටත් අලියා හොඳ නැද්ද

සිරිලක පිරී ඇත්තේ මනුසත් හදවත්ම
ඇස් ඇරගෙන ඇත නපුරු ඇසුත් ඒ අතරටම
කාවන්තිස්ස දැන් එළි බැහැලලු භාතිය සොයන්නට
නපුරු ඇස්වලට නොගැටෙන් ඒ ඇත් රජ දසුන
මගේ ආයුත් අරන් යන්ට යළි ඔබ පිරිවර වෙතට

Eashini Weerasiriwardane

Eashini Weerasiriwardane

Eashini Weerasiriwardane, 20, is an Advanced Level student with a passion for writing. She shares her reflections and creative thoughts on her Facebook page ‘Life in Lines,’ turning everyday moments into meaningful expressions. Internationally recognized, she earned a Bronze Medal at the Commonwealth Essay Writing Competition, highlighting her talent and dedication. Balancing academics, creativity, and achievement, Eashini continues to inspire through both her studies and her words.

View all articles by Eashini Weerasiriwardane

Related Articles

bhathiya-the-elephant-a-royal-legacy-in-sri-lanka | Flash News